මැලේසියානු රජය මරණ දඬුවමට තිත තියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

මැලේසියානු රජය මරණ දඬුවමට තිත තියයි

මැලේසියානු රජය මරණ දඬුවමට තිත තියයි

මැලේසියාවේ පාර්ලිමේන්තුව විසින් එරට තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ඡන්දය ප්‍රකාශ කර ඇත.

 

 

එය මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් 1300 කට අධික පිරිසකගේ ජීවිත බේරා ගත හැකි පියවරක් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

පාර්ලිමේන්තුවේ සම්මත නව නීතිය මගින් මිනීමැරුම් සහ ත්‍රස්තවාදය වැනි බරපතල අපරාධ 11 ක් සඳහා ස්වයංක්‍රීය දඬුවම ලෙස මරණීය දණ්ඩනය ලබාදීම ඉවත් කර ඇති අතර විනිසුරුවන්ගේ අභිමතය පරිදි එය වෙනස් විය හැකි බවද සඳහන් වේ.

 

 

එලෙස මරණීය දණ්ඩනය අක්‍රිය කොට ඒ වෙනුවට දරුණුතම අපරාධ සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ වේවැල් පහර දීම වැනි ශාරීරික දඬුවම් පැනවීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

views

184 Views

Comments

arrow-up