MAR
27
නෙතන්යාහු පාලනයට එරෙහි අරගලයට එක්වී වෘත්තීය සංගම් වැඩ වරති

ඊශ්‍රායලයේ නෙතන්යාහු පාලනයට එරෙහිව පවතින විරෝධතා වලට එරට වෘත්තීය සමිති ද එක් වී ඇති බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේඅනුව Ben Gurion ගුවන්තොටුපොළ සහ රටේ ප්‍රධාන වරායන් දෙක වන Haifa සහ Ashdod හි ද වැඩ නතර වී තිබෙන බවයි.
එරට අධිකරණ පද්ධතියේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව අතර වර්ධනය වූ දැඩි නොසන්සුන්තාව මහජන කැළඹීමක සිට ජනතා අරගලයක් දක්වා මේ වන විට පැමිණ තිබෙන අතර, ඉදිරියේදී එය සිවිල් අරගලයක් දක්වා දුර දිග යාමේ ඉඩක් පවතින බවට විදෙස් විචාරකයින් සඳහන් කර සිටී.
202 Views
Comments