ක්‍රෙම්ලිනයේ රාජ්‍ය නිලධාරීන්ට අයිෆෝන් තහනමක්

අප්‍රේල් මස පළමුවනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි iPhone භාවිතා කරන ක්‍රෙම්ලිනයේ නිලධාරීන්ට වෙනත් ජංගම දුරකථන මාදිළි වලට මාරු වන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් නියෝග කොට ඇති බව වාර්තා වේ.
බටහිර ඔත්තු සේවා ආයතන වලට iPhone වල ඇතුළත් දත්ත ලබා ගැනීමේ හැකියාවක් පවතින බවට මතුව ඇති සැකය මෙම තීරණයට හේතු වී ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
මෙම තීරණය ඉදිරියේ දී රුසියාවේ දේශපාලනඥයින් සඳහා ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පවසන ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක Dmitry Peskov සඳහන් කරන්නේ ඒ වෙනුවට දුරකථන පරිශීලකයන්ට වෙනත් මෙහෙයුම් පද්ධතියක් සැපයීම පිළිබඳ සොයා බලමින් සිටින බවයි.
247 Views
Comments