බක්මූට් වෙනුවෙන් යුක්‍රේනයේ දරුණු සටන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

බක්මූට් වෙනුවෙන් යුක්‍රේනයේ දරුණු සටන්

බක්මූට්  වෙනුවෙන් යුක්‍රේනයේ  දරුණු සටන්

යුක්‍රේනයේ බක්මූට් අල්ලා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර මේ වන විට දරුණු සටන් ඇති වී තිබේ.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, ගත වූ දින කිහිපය තුළ පැවති ගැටුම් වල දී රුසියානු සෙබළුන් 1100 ක් පමණ මියගොස් ඇති බවයි. එමෙන්ම තවත් සෙබළුන්  1500 ක් පමණ තුවාල ලබා ඇති අතර පසුගිය පැය 24 දී යුක්‍රේනයේ සෙබළුන් 220 දෙනෙකු මිය ගොස් තිබූ බව වාර්තා වේ.

 

යුද්ධය පැවතිය ද ධාන්‍ය අපනයනය තවදුරටත් සිදු කිරීමට රුසියාව සහ යුක්‍රේනය එකඟතාවයකට පැමිණ තිබේ. ඊයේ (13) පැවති සාකච්ඡාවේදී ඔවුන් තීරණය කර ඇත්තේ දින 60 කින් එම එකඟතා ගිවිසුම දීර්ඝ කිරීමටය.

views

213 Views

Comments

arrow-up