බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදුවොත් වැඩ වරදින හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදුවොත් වැඩ වරදින හැටි

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදුවොත් වැඩ වරදින හැටි

මේ වනවිට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා ඇත්තේ ඔවුන්ට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමේ "ශුන්‍ය අවස්ථාවක්" ඇති බව පවසමිනි. එයට හේතු වී තිබෙන්නේ ඇති විය හැකි අන්තරායන් නොතකා බොහෝ පිරිස් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට මෑත කාලීනව දරා ඇති උත්සාහයන් නිසාය. ආර්ථික අර්බුදය තුළ මෙවැනි අසාර්ථක උත්සාහයන් ගණනාවක් වාර්තා වූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

 

 

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන දෙඅංශයේම මිනිස් ජාවාරම් මැඩලීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි. මීට අමතරව මානුෂීය ජනාවාස වැඩසටහන හරහා ඕස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිසි ක්‍රමවේදයක් පවතින බවත් එවැනි අයදුම්පත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් තක්සේරු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

223 Views

Comments

arrow-up