සුප්‍රකට ඇමසන් ආයතනයේ සේවක කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

සුප්‍රකට ඇමසන් ආයතනයේ සේවක කප්පාදුවක්

සුප්‍රකට ඇමසන් ආයතනයේ සේවක කප්පාදුවක්

ෆේස්බුක් සහ වට්ස් ඇප්  සමාජ මාධ්‍ය වේදිකා මෙහෙයවන, මාක් සකර්බර්ග් ගේ මෙටා INC සමාගමේ සේවකයන් රැසක් ඉවත් කිරීම පිළිබඳ පසුගිය සතියේ පුවත් වාර්තා වූ අතර, සුප්‍රකට ඇමසෝන් (Amazon) සමාගමද එවැනි තීරණයක් ගනිමින් සිටින බව වාර්තා වේ.  

 

මේ පිළිබඳ අනාවරණය කරමින් විදෙස් මාධ්‍ය කියා සිටින්නේ එම සමාගමේ Cloud, Twitch සහ වෙළෙඳ ප්‍රචාරණ (Marketing) අංශ වල සේවකයින් 9000 ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බවයි.


Amazon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Andy Jassy මහතා පවසා සිටින්නේ සමාගමේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අරමුණින් පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ප්‍රමාණයක පිරිසක් කාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූවද, වත්මන් අවිනිශ්චිත ආර්ථික තත්වය තුළ එම ඉලක්ක වලට යාම අපහසු වී ඇති නිසා මෙම අතිරික්ත සේවක මඩුල්ල ඉවත් කිරීමට තීරණය කරන ලද බවයි.

 

මීට අමතරව මෙම වසර අවසානයේ දී තවත් සේවකයින් පිරිසක් ද සේවයෙන් ඉවත් කිරීමට  නියමිත බව Amazon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
 

views

235 Views

Comments

arrow-up