ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩ වරදින ලකුණු

තමා අත් අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව පවසමින් ඊට එරෙහි වන ලෙස හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු අතරේ, නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝර්මි ඩැනියෙල්ස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදු වී ඇති සිද්ධි මාලාවක් මෙම අත් අඩංගුවට ගැනීමේ ප්‍රයත්නයට හේතු පාදක වී ඇත.
මෙම නිළිය තමාට එරෙහිව සාක්ෂි දීම වළකා ඇයව නිහඬ කිරීමේ අරමුණින් හිටපු ජනපතිවරයා ඇයට ඇමරිකානු ඩොලර් 130,000 ක මුදලක් ද ලබා දී ඇති බව පැවසෙන අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන බව විදෙස් පුවත් සඳහන් කර සිටී.
206 Views
Comments