ෆින්ලන්තයේ හිටපු අගමැතිනියට කටුක පරාජයක්

ෆින්ලන්තයේ පැවති දැඩි තරගකාරී මැතිවරණයකින් අනතුරුව අගමැති Sanna Marin ගේ මධ්‍ය වාම පක්ෂය පරදවමින් ජාතික සභා පක්ෂයේ නායක Petteri Orpo ජය ගෙන ඇත.
Marin සතු වූ ජනප්‍රියත්වය සහ Covid - 19 වසංගතයට එරෙහිව ඇය විසින් සාර්ථකව ෆින්ලන්තය ආරක්ෂා කිරීම වැනි කරුණු හේතුවෙන් මෙය Marin සඳහා තරමක් කටුක පරාජයක් බව වාර්තා වේ.
කෙසේ වෙතත් මැතිවරණයෙන් ජයගැනීමත් සමග සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට Orpo ප්‍රතිඥා දී ඇති අතර ඒ අනුව නව රජයක් පිහිටුවීමට පළමු වරට කොන්සවේටිව්වරුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
161 Views
Comments