ටකරන් මඩුවකට කොහොඹ ගහක් කඩා වැටී හත් දෙනෙක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ටකරන් මඩුවකට කොහොඹ ගහක් කඩා වැටී හත් දෙනෙක් මරු දකී

ටකරන් මඩුවකට කොහොඹ ගහක් කඩා වැටී හත් දෙනෙක් මරු දකී

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටකරන් මඩුවක් මතට දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීමෙන් හත් දෙනකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ආගමික උත්සවයක් අතරතුර පැවති වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස මෙම ටකරන් මඩුව තුල එක් රැස් වූ අවස්ථාවේදී මෙම ගස කඩා වැටී ඇති බව සඳහන් වේ.

 

සිද්ධියෙන් මරණයට පත් අයවලුන් සඳහා වන්දි ලබා දෙන බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය අමාත්‍ය දේවේන්ද්‍ර පඩ්නාවිස් ප්‍රකාශ කර තිබේ.
 

views

203 Views

Comments

arrow-up