නවසීලන්තයේ භූ කම්පනයක්

අද (24) දින නවසීලන්තයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.3 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙය සිදුව ඇත්තේ නවසීලන්ත වේලාවෙන් පස්වරු 12.42 ට පමණ වේ.
නවසීලන්ත වෙරළට සැතපුම් 500 ක් පමණ ඊසාන දෙසින් පිහිටි කර්මඩෙක් ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදුවී ඇති බව වාර්තා වේ.
කම්පනයෙන් පසු සුනාමි සමාලෝචනය සඳහා බලා සිටීම වෙනුවට වහා ඉවත්ව යන ලෙස වෙරළාසන්නයේ සිටින සියලුම පදිංචිකරුවන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.
කෙසේ වෙතත් භූමිකම්පාව වාර්තා වී පැයකට පමණ පසු රටට සුනාමි තර්ජනයක් නොමැති බව අනාවරණය වී තිබේ.
230 Views
Comments