සුඩානයේ වෙසෙන විදේශිකයන් ඉවත්කරගැනීමේ මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

සුඩානයේ වෙසෙන විදේශිකයන් ඉවත්කරගැනීමේ මෙහෙයුම්

සුඩානයේ වෙසෙන විදේශිකයන් ඉවත්කරගැනීමේ මෙහෙයුම්

සුඩානයේ සටන් දිගටම පවතින බැවින් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ චීනය යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ජාතිකයන් සුඩානයෙන් ගුවනින් ඉවත් කිරීමට නියමිත බව සුඩාන හමුදාවේ ප්‍රකාශයක් පවසයි.

 

 

එරට හමුදා ප්‍රධානී ෆටා අල්-බුර්හාන් ඉදිරි පැය කිහිපය තුළ එම ජනතාව ඉවත් කිරීමට පහසුකම් සැලසීමට සහ ඔවුන්  සුරක්ෂිත කිරීමට එකඟ වී ඇත.

 

 

සුඩානයේ මෙම තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ ආණ්ඩුව පවසා ඇත්තේ "අනපේක්ෂිත තත්වයන්" සඳහා සූදානම් විය යුතු බවයි.

 

 

ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාර්ටූම් හි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු විදේශීය තානාපති කාර්යාලවලට ඔවුන්ගේ පුරවැසියන් ගෙදර ගෙන ඒමට නොහැකි විය.

 

 

සිකුරාදා සිට ආරම්භ වන මුස්ලිම් නිවාඩු දිනය වන ඊද් උත්සවය සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වය දින තුනක සටන් විරාමයකට එකඟ වුවද සටන් විරාමය නොතකා සෙනසුරාදා අගනුවරට වරින් වර වෙඩි හඬ සහ ගුවන් ප්‍රහාර එල්ල වනු ඇසුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

views

236 Views

Comments

arrow-up