OCT
14
ඕස්ට්‍රේලියාවට ගංවතුර අවදානමක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ තස්මේනියා ප්‍රාන්ත වලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රාන්ත වල ජනතාවට වාසස්ථානවලින් ඉවත් වන ලෙසට එරට ආපදා අංශ දැනුම් දී තිබෙනවා.
මෙමගින් තුන් දාහකට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර පවුල් පන්සියයක ට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
249 Views
Comments