වයස අවුරුදු 18 ක් වන තුරු ලියන්නට කියවන්නට නොදැන සිටි මහාචාර්යවරයා

1985 වසරේ දකුණු ලන්ඩනයේදී උපත ලැබූ ජේසන් අර්ඩේ වයස අවුරුදු 03 වන විට ඔටිසම් රෝගයට ගොදුරු වී ඇති බව හඳුනා ගනු ලැබූ අතර එම රෝගයේ පොදු තත්ත්වයක් වන කායික සහ මානසික සංවර්ධන ප්‍රමාදය හේතුවෙන් ඔහුට කතා කිරීමේ හැකියාව ලැබී ඇත්තේ වයස අවුරුදු 11 දීය. වයස යනු හුදෙක් ඉලක්කමක් පමණක්ම බව තහවුරු කරන අර්ඩේ, කියවීමේ සහ ලිවීමේ හැකියාවන් ලබාගෙන ඇත්තේ ඔහුට අවුරුදු 18 පමණ වෙද්දීය.
බ්‍රිතාන්‍යයේ සරේ විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කර අවතීර්ණ වූ අධ්‍යයන මගේ වර්තමානය වනවිට, ඔහු ජාතිය සහ වර්ගවාදය පිළිබඳව සමාජ විද්‍යාඥයෙක් වශයෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටී.
වෘත්තියට අමතරව ලේඛකයකු සහ සමාජ සේවා කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කරන්නෙකු වශයෙන් කටයුතු කරන අර්ඩේ, මෙම 2023 වසරේදී කේම්බ්‍රිජ් සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ලාබාලතම කළු ජාතික මහාචාර්යවරයා ලෙසින් පත්වීමට නියමිතය. මේ වනවිට ඔහු 37 වන වියේ පසුවෙයි.
ජීවිතයේ උරුම වූ බොහෝ සෘණාත්මකතාවන්ට අභියෝග කළ මහාචාර්ය අර්ඩේගේ ඉදිරි බලාපොරොත්තුව උසස් අධ්‍යාපනය තුළ වාර්ගික සුළුතරයන්ගේ නියෝජනය වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම බව බීබීසී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර තිබේ.
225 Views
Comments