නේපාලයේ කොටි ගහණය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

නේපාලයේ කොටි ගහණය ඉහලට

නේපාලයේ කොටි ගහණය ඉහලට

ගතවූ වසර 10ක කාලය තුළ නේපාලයේ කොටි ගහනය දෙගුණයකින් වර්ධනය වී තිබෙන බව වාර්තා වනවා.

නේපාලයේ කොටින් වද වී යාමේ තර්ජනයකට මුහුණ දී සිටින අතර මෙලෙස කොටි ගහණය වර්ධනය වීමෙන් එරට ග්‍රාමීය ජනතාවට ජීවිත අවදානමක්ද මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ජනතාව වැඩි වශයෙන් කොටි ප්‍රහාර වලට ලක්වන අතර නේපාලයේ ටෙරායි කලාපය ආශ්‍රිතව මෙලෙස කොටි ගහණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය වසරක කාලයේදී නේපාලයේ කොටි ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් ගණන දාසයක් වන අතර පසුගිය වසර පහක කාලය තුළ එලෙස මියගොස් තිබුණේ පුද්ගලයන් දහයක් පමණයි.

views

286 Views

Comments

arrow-up