JUL
23
රුසියාව විසින් යුරෝපයට යළි ගෑස් සපයයි

රුසියාව විසින් යුරෝපා රටවලට ගෑස් සැපයීම යලි ආරම්භ කර තිබෙනවා.
දින දහයකට එම කටයුතු තාවකාලිකව අත් හිටුවා තිබුණු අතර ඒ නෝර්ඩ් ස්ටීරම් ලෙස හැඳින්වෙන නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි.
කෙසේ නමුත් යුරෝපා සංගමය සිය සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ ඉදිරි මාස හතක කාලය තුළ රුසියාවෙන් ලබාගන්නා ගෑස් සංචිත ප්‍රමාණය 15% කින් පමණ පහළ දමන ලෙසයි.
මේ වන විට රුසියාව විසින් යුරෝපයේ ස්වභාවික ගෑස් අවශ්‍යතාවයෙන් 40% ක පමණ ප්‍රතිශතයක් සපයන බවයි වාර්තා වන්නේ.
256 Views
Comments