ඉන්දියාවේ ගෝදාවරී ගඟේ කුනාවරම් පාලම ජලයෙන් වැසේ

ඉන්දියාවේ ගෝදාවරී ගඟේ කුනාවරම් පාලම ජලයෙන් වැසී ගොස් තිබෙනවා.
ඒ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් හා තෙලඟනා ප්‍රාන්තවලට අඛණ්ඩව බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙනුයි.
ගෝදාවරී ගඟේ ජල මට්ටම අද උදෑසන වන විට අඩි හැත්තෑ එකක් ඉක්මවා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර එය තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමේ මට්ටමට වඩා අඩි 53 ක ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
භද්‍රාදි - කොතාගුඩම් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇති අතර අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට කඩිනමින් සහන කඳවුරු වෙත යන ලෙස ආපදා අංශ දැනුම් දී තිබෙනවා.
278 Views
Comments