බොරිස්ගේ තැනට ලිස් ට්‍රස් යෝජනා වෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් හිස් වූ කන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා විදේශ ඇමතිනි ලිස් ට්‍රස් යෝජනා වී තිබෙනවා.
කන්සර්වේටිව් පක්ෂ නායකත්වයට පත් වන තැනැත්තාට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවීම සාමාන්‍ය සම්ප්‍රදායක් වන අතර මේ සදහා ඇය ඇතුළු පක්ෂයේ එකොළොස් දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ලිස් ට්‍රස්ගේ මූලික පොරොන්දුව ලෙස බදු සහන ලබා දෙන බවට ඇය පොරොන්දු වී තිබෙනවා.
මීට පෙරදී අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශ්වාසයක් නොමැති බව පවසමින් මුදල් අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවත් වී තිබූ අතර ඉන් අනතුරුව බොරිස් ජොන්සන් මහතා නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.
271 Views
Comments