ග්‍රීසියේ කඩා වැටුණු යානයේ අවි ආයුධ හා බිම්බෝම්බ තිබූ බවට සලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ග්‍රීසියේ කඩා වැටුණු යානයේ අවි ආයුධ හා බිම්බෝම්බ තිබූ බවට සලකුණු

ග්‍රීසියේ කඩා වැටුණු යානයේ අවි ආයුධ හා බිම්බෝම්බ තිබූ බවට සලකුණු

සර්බියාවේ සිටි ජෝර්දානය බලා ගමන් කරමින් තිබියදී කඩා වැටීමට ලක්වූ ඇන්ටනොව් 12 ගුවන් යානයේ අවි ආයුධ, බිම්බෝම්බ සහ අනතුරුදායක රසායනික ද්‍රව්‍යයක් පැවති බවට අනාවරණය වී තිබෙනවා.

 

මෙම අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඒ අවට විසිරී පැවතීම හේතුවෙන් කිලෝමීටර් දෙකක් පමණ අවට ජීවත්වන ජනතාවට නිවෙස් තුළම සිටින ලෙස එරට රජය දන්වා සිටිනවා.

 

යුක්රේන සමාගමකට අයත් මෙම භාණ්ඩ ප්‍රවාහන යානය උතුරුදිග ග්‍රීසියේදී කඩා වැටී තිබූ අතර කඩා වැටීමට පෙර එහි නියමුවා කවාලා ගුවන්තොටුපලට හදිසි ගොඩබෑමක් සඳහා අවසරද ඉල්ලා තිබුණා.

 

මෙම යානය සෞදි අරාබිය, ඉන්දියාව සහ බංග්ලාදේශය බලා ගමන් කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

views

280 Views

Comments

arrow-up