පාකිස්තානයේ ටික්ටොක් වීඩියෝ මිලියන 12 ක් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

පාකිස්තානයේ ටික්ටොක් වීඩියෝ මිලියන 12 ක් ඉවතට

පාකිස්තානයේ ටික්ටොක් වීඩියෝ මිලියන 12 ක් ඉවතට

පාකිස්ථානයේ ටික් ටොක් වීඩියෝ දර්ශන මිලියන 12.5 කට ආසන්න ප්‍රමාණයක් එම යෙදවුමෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ටික්ටොක් යෙදවුමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙනුයි.

මෙම වසරේ ජනවාරි සහ මාර්තු අතර මෙවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් එක් කර ඇති අතර ටික්ටොක් ආරක්ෂක කණ්ඩායම විසින් රුසියානු යුක්‍රේන යුද්ධයට අදාල අසත්‍ය හා හානිකර තොරතුරු ඇතුලත් කර පළ කර තිබූ මෙම වීඩියෝ 41,191ක් පමණ ඉවත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ප්‍රහසනාත්මක අන්තර්ගතයක් සහිත ටික්ටොක් මේ වන විට බරපතළ දේශපාලනික තොරතුරු ලබා දෙන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

views

207 Views

Comments

arrow-up