JUL
16
අධික උෂ්ණත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකට නිවේදනයක්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, මැන්චෙස්ටර් සහ යෝක් යන නගර වලින් සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව එරට කාලගුණික විද්‍යා බලධාරීන් නිවේදනය කර සිටිනවා.
ඒ හේතුවෙන් නියමිත කාලයට පෙර පාසල් අවසන් කරන ලෙසත් දුම්රිය ගමන් කිරීමේ වේගය ද සීමා කරන ලෙසත් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් මිනිත්තු තිහකට වඩා එළිමහනේ රැඳී සිටීමෙන් වලකින ලෙසද බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා
258 Views
Comments