ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඉවානා ට්‍රම්ප් වන මැය නිව්යෝර්ක් නගරයේ ජීවත් ව සිට ඇති අතර ඇය සිය නිවස අසල පිහිටි පඩිපෙළකින් බිම ඇද වැටීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


මිය යන විට ඇය 73 හැවිරිදි වියෙහි පසු වුණා.


චෙක් ජන රජයේ දී උපත ලැබූ මැය හිටපු ජනපති සමඟ විවාහ වන්නේ වර්ෂ 1977 දී වන අතර ඔවුන් වසර 15ක විවාහ ජීවිතයකින් අනතුරුව  1992 දී විවාහයෙන් වෙන් වූ බවයි වාර්තා වන්නේ.
මෙම විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙකු ද සිටිනවා.

views

292 Views

Comments

arrow-up