ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳගේ මරණයට හේතුව හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳගේ මරණයට හේතුව හෙළිවෙයි

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳගේ මරණයට හේතුව හෙළිවෙයි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ පෙරේදා(14) දිනයේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

 

ඇයගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(15) දිනයේ දී සිදුකරනු අතර වෛද්‍ය නිර්දේශය අනුව ඇයගේ මරණයට හේතුව මොට වූ ස්ථානයක කඳෙහි සුෂුම්නා කොටස වැදීම හේතුවෙන් එයට සිදු වූ බරපතල හානි බවයි වාර්තා වන්නේ.

 


ඉවානා ට්‍රම්ප් වන මැය නිව්යෝර්ක් නගරයේ ජීවත් ව සිට ඇති අතර ඇය සිය නිවස අසල පිහිටි පඩිපෙළකින් බිම ඇද වැටීම හේතුවෙන් මෙම මරණය සිදුව තිබුණා.

 


මිය යන විට ඇය 73 හැවිරිදි වියෙහි පසු වුණා.

 


චෙක් ජන රජයේ දී උපත ලැබූ මැය හිටපු ජනපති සමඟ විවාහ වන්නේ වර්ෂ 1977 දී වන අතර ඔවුන් වසර 15ක විවාහ ජීවිතයකින් අනතුරුව  1992 දී විවාහයෙන් වෙන් වූ බවයි වාර්තා වන්නේ.

 


මෙම විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙකු ද සිටිනවා.

views

327 Views

Comments

arrow-up