ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයිද?

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයිද?

ලෝක ජනගහනය ලබන නොවැම්බර් පහළොස් වනදා වන විට බිලියන අටේ සීමාව ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකතනය කරනවා.

2030 වසර වන විට එය බිලියන 8.5 ක් දක්වා වර්ධනය වන බවයි එම සංවිධානය තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම මගින් මරණ අනුපාතය අඩු වීම මීට ප්‍රධානම හේතුව වන අතර 1990 වසරට වඩා 2019 වසරේ දී ආයු අපේක්ෂාව වසර 9 කින් ඉහළ ගොස් ඇති අතර එය 72.8ක් බවයි වාර්තා වන්නේ.

මේ අනුව 2080 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 10.4 ක ඉහලම ස්ථානයට ළඟා වනු ඇති බව එම සංවිධානය තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

views

272 Views

Comments

arrow-up