දෙවන ලෝක යුද සමයේ ගිලී ගිය ජපන් නෞකාවක් සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

දෙවන ලෝක යුද සමයේ ගිලී ගිය ජපන් නෞකාවක් සොයාගැනේ

දෙවන ලෝක යුද සමයේ ගිලී ගිය ජපන් නෞකාවක් සොයාගැනේ

දෙවන ලෝක සංග්‍රාමයේ දී දහසකට අධික පිරිසක් සමග මුහුදුබත් වූ ජපන් ප්‍රවාහන නෞකාවක සුන්බුන් පිලිපීනයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ගවේෂකයන් විසින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙම ගවේෂණයට ඕස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා කණ්ඩායමක් වන සයිලන්ට් වර්ල්ඩ් පදනම මගින් මෙහෙයවන ලද ෆුර්ගෝ නම් සමාගම එක්ව තිබූ බව සඳහන් වේ.

 

1942 වර්ෂයේ ජූලි මාසයේ දී ඇමෙරිකානු සබ්මැරීනයක් විසින් අඩි 13,123 කට වැඩි ගැඹුරේ සිට මොන්ටෙවීඩියෝ මාරු නම් මෙම නෞකාවට වැරදීමකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

 

පැපුවා නිව්ගිනියාවේ දී අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් 979ක්, නෝර්වීජියානු නාවිකයන් 33ක්, ජපන් ආරක්ෂකයින් සහ කාර්යය මණ්ඩලය විසිදෙනකු මෙහි සිට ඇති බව වාර්තා වී තිබුණි.
 

views

253 Views

Comments

arrow-up