ලංකාවේ ණය ප්‍රශ්න ගැන චීනය සංවේදී වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාශීලී වෙමින් අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අඛණ්ඩව සහාය ලබාදීමට චීන මුල්‍ය ආයතන සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ පිළිබඳ සඳහන් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවට ණය බර ලිහිල් කර ගැනීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීමටත් උපකාර කිරීම සඳහා සියළු රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ඒකාබද්ධ වෙමින් කටයුතු කිරීමට චීන රජය ඕනෑම මොහොතක සූදානම් බවයි.
එසේම, මෙම ණය අර්බුදය සාධාරණ හා සමාන අයුරින් බෙදීයන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගි වන ලෙස ඔවුන් වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලීමක්ද කොට තිබේ.
211 Views
Comments