යුක්‍රේනය යළිත් විදුලිය අපනයනය කරයි

පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්‍රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණි. මාස 06 කට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්‍රේනයට හැකියාව ලැබී ඇත.
කෙසේ වෙතත් යළිත් වරක් විදුලි අතිරික්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත්, ඊට අදාල නියෝගයට අත්සන් කිරීමට යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ මහතා පියවර ගෙන තිබේ.
විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල්වලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා බව යුක්‍රේන බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටී.
197 Views
Comments