ඉරානයේ කාන්තාවන් දෙදෙනෙකුට යෝගට් ප්‍රහාරයක්

ප්‍රසිද්ධියේ තම හිසකෙස් නිරාවරණය කරගෙන සිටි ඉරාන කාන්තාවන් දෙදෙනෙකුට පුද්ගලයෙකු යෝගට් ප්‍රහාරයක් එල්ල කරන දර්ශනයක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.
ඉරාන නීතියට අනුව එරට කාන්තාවන් හිජාබයකින් හිසකෙස් ආවරණය කරගැනීම සහ සිරුරේ හැඩය සැඟවෙන ලෙස ලිහිල් ඇඳුම් ඇඳීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ජනපති ඊබ්‍රහිම් රයිසි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ සියලුම ඉරාන කාන්තාවන් ආගමික අවශ්‍යතාවයක් ලෙස හිසකෙස් ආවරණය කිරීම අනිවාර්ය බවයි.
මෙලෙස ප්‍රහාරයට ලක් වූ කාන්තාවන් දෙදෙනා සහ ප්‍රහාරය සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
194 Views
Comments