රුසියානු න්‍යෂ්ටික අවි බෙලරුස් රාජ්‍යයට

රුසියානු න්‍යෂ්ටික අවි බෙලරුස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ජූලි 01 වෙනිදා වන විට න්‍යෂ්ටික අවි තැන්පත් කිරීම සඳහා ගබඩා ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බවත්, රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් බෙලරුස් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව බව ද රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, රුසියාවෙන් පිටත න්‍යෂ්ටික අවි ගබඩා කරන ප්‍රථම අවස්ථාව මේ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
195 Views
Comments