සතුටින් ඉන්න - ෆින්ලන්තයට යන්න

ලොව වඩාත්ම සතුටින් ඇති මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ. ලොව වඩාත්ම සතුටින් ඇති මිනිසුන් සිටින රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව තිබේ.
ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල් වේ. සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, නිදහස, ආදායම, සෞඛ්‍ය, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය යන කරුණු පදනම් කරගනිමිනි.
එම ලැයිස්තුවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පැමිණියේ අඛණ්ඩව 6 වැනි වරටය.
233 Views
Comments