බංගලාදේශ සරණාගත කඳවුරේ ගින්න සැලසුම් සහගත ක්‍රියාවක් බවට හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

බංගලාදේශ සරණාගත කඳවුරේ ගින්න සැලසුම් සහගත ක්‍රියාවක් බවට හෙළි වේ

බංගලාදේශ සරණාගත කඳවුරේ ගින්න සැලසුම් සහගත ක්‍රියාවක් බවට හෙළි වේ

පසුගිය 5 වැනිදා බංග්ලාදේශයේ වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ගිනිකොනදිග බංග්ලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරක ඇති වූ ගින්න සැලසුම් සහගතව සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

 

ඒ හේතුවෙන් රොහින්ග්‍යා සරණාගතයින් 15000 කට පමණ නිවාස අහිමි වූ අතර ගින්නෙන් තාවකාලික නිවාස 2800 ක් විනාශ විය.

 

මෙම කඳවුර ලෝකයේ විශාලතම සරණාගත කඳවුරු වලින් එකකි.

 

ගින්නෙන් මුස්ලිම් දේවස්ථාන 35ක් සහ ඉගෙනුම් මධ්‍යස්ථාන 21 විනාශ වී තිබුණ අතර තාවකාලික නිවසක සරණාගතයන් 4ක් හෝ 5ක් පවුලක් ලෙස ජීවත්ව ඇති බවත්, ඉන් සරණාගතයන් වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන් බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරයි.

 

ස්ථාන කිහිපයකම ගින්න ආරම්භ වී ඇති බවත්, එය ගින්න සැලසුම් කළ බවට හොඳම සාක්ෂියක් බවත් විමර්ශන නිලධාරියකු පවසා ඇත.

 

ගින්නට හේතුව සෙවීම සඳහා හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට බංගලාදේශ බලධාරීන් කටයුතු කොට තිබේ.

views

172 Views

Comments

arrow-up