වායු විෂවීමක් හේතුවෙන් ඉරානයේ පාසල් සිසුවියන් රැසක් රෝහල්ගත කෙරේ

ඉරානයේ ප්‍රදේශ කිහිපයක වායු විෂ වීමක් හේතුවෙන් සිසුවියන් සිය ගණනක් එක් වර රෝහල් ගත කර තිබේ. හමේදාන් නගරය, සංජාන් නගරය, බටහිර අසෙයිබර්ජාන් ප්‍රදේශය ඇතුළු පළාත් රැසක සිසුවියන් මෙලෙස අසනීප වී ඇති බව වාර්තා වේ.
රෝහල්ගත කෙරුණු සිසුවියන් පවසන්නේ, තමන්ට පන්ති කාමර තුළ කිසියම් ගෑස් ගන්ධයක් දැනුණු බවත්, ඉන් අනතුරුව ශ්වසන අපහසුතා ඇති වූ බවත්ය. වායු විෂ වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඉරානයේ බාලිකා පාසල් රැසකටම පසුගිය කාලයේ මෙවැනි විෂ වායු ප්‍රහාරයන් එල්ල වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
252 Views
Comments