තවත් භූකම්පන රැසක් ගැන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් ගෙන් අනාවැකි

පසුගියදා තුර්කියේ ඇති වු දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකි පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇත්තේ, රිච්ටර් මාපකයේ 8.5 ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා පවතින අතර ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භූ කම්පනයකට ලක් වනු ඇති බවයි.
54 හැවිරිදි ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති මෙම නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍ය ජාලා අතරට මුදා හරින භූ කම්පන සම්බන්ධ පුරෝකථන රැසක් ඇති අතර ඒ අතරින් ඔහු පසුගියදා මුදා හළ මේ පුරෝකථනය ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වී තිබේ. ලෝක සිතියමේ විවිධ කලාප රතු පැහැයෙන් සලකුණු කරමින් හූගර්බීට්ස් එම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, එම සලකුණුවලට අදාළ රටවල් හෝ කලාප අතුරින් එක් ස්ථානයක් නුදුරේදීම මේ ව්‍යසනයට මුහුණ පානු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
කාලයක් පුරා ලොව භූ චලන සිදුවූ ස්ථානවල පිහිටීම සහ සෞර ග්‍රහ මණ්ඩලයේ හැසිරීම හා ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරය අධ්‍යයනය කරමින් අනාවැකි පළ කරන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති විස්මිත මිනිසා සඳහන් කර ඇත්තේ රතු පැහැයෙන් සලකුණු කර ඇති කලාපවල දිගු කාලයක සිට නිහඬතාවක් පැතිර ඇති බවකි. ඔහු මේ අනාවැකිය පළ කර ඇත්තේ එවැනි ස්ථාන 13 ක් සලකුණු කරමින් සහ එවැනි කලාප පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වීමෙන් පසුවය.
211 Views
Comments