ඩුබායි නගරයේ වායු සමීකරණය කරන ලද සුපිරි අධිවේගී මාර්ගයක්

ඩුබායි රජය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ජනතාවට වඩාත් තිරසර හා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදා කිරීමේ අරමුණ ඇතිව වායුසමනය කරන ලද අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. වැඩිදුරටත් වන්නේ, කිලෝමීටර් 93 ක දුරකින් සමන්විත යෝජිත අධිවේගී මාර්ගය 2040 දී විවෘත කිරීමට අදහස් කර ඇති බව යි.
ඇවිදීමෙන් හෝ පාපැදියෙන් ඩුබායි නුවර ඕනෑම ස්ථානයක පිහිටි සේවා ස්ථාන වෙත මිනිත්තු 20 ක් ඇතුළත ළඟා විය හැකි සෞඛ්‍ය සම්පන්න ප්‍රවාහන ක්‍රමයක් ලෙස The Loop නමින් හඳුන්වනු ලබන මෙම අධිවේගී මාර්ගය රථවාහන ගමන් කරන සාමාන්‍ය අධිවේගී මාර්ගයක් ලෙස නොව ඇවිදීමට සහ පාපැදිය භාවිත කිරීමට හැකි මාර්ගයක් ලෙස භාවිත කිරීමට නියමිතය.
CNN පුවත් සේවය වාර්තා කළේ, හරිත ආර්ථික සංකල්පයට අනුව ඉදි කෙරෙන මේ අධිවේගී මාර්ගය වසර 2040 දී ඩුබායි වැසියන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය බවට පත් කිරීම අරමුණ බවත් ය.
171 Views
Comments