MAR
06
බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් භච්චන් ක්‍රියාදාම රංගනයක් අතරතුර අනතුරට ලක් වෙයි

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් භච්චන් රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇති බවයි.
ලබන වසරේ තිරගත වීමට නියමිත ප්‍රොජෙක්ට් කේ නම් චිත්‍රපටය රූගත කිරීම් අතරතුර ක්‍රියාදාම රංගනයක දී භච්චන්ගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බව ඉන්දීය වාර්තා වල දැක්වේ.
හයිද්‍රාබාද් හි රෝහලකින් ප්‍රතිකාර ලබා වෛද්‍ය උපදෙස් මත ඔහු මේ වන විට නිවෙස කරා ගොස් ඇති අතර යථා තත්ත්වයට පත්වීමට තවත් සති කිහිපයක් ගත වනු ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.
ඉන්දීය වාර්තා සඳහන් කළේ, ඒ අනුව රූගත කිරීම් ද අවලංගු කර ඇති බවයි.
279 Views
Comments