සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමට ඩොලර් බිලියන 161 ක ලාභයක්

ඇමරිකාවේ ඇපල් සමාගමට පසු ලොව දෙවන ඉහළම වටිනාකමක් ඇති සමාගම වන සෞදි අරාබි රජයට අයත් ඇරැම්කෝ ඉන්ධන සමාගම, පසුගිය වසරේ ඩොලර් බිලියන 161 කට අධික ලාභයක් උපයා ඇති බව වාර්තා වේ.
මෙම සමාගම වාර්තාගත ලාභයක් ඉපයීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඩොලර් 82 ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල රුසියා යුක්රේන ගැටුම සමඟ ඩොලර් 120 ඉක්මවා ඉහළ ගිය නිසා බව සදහන් වේ.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමග ඉන්ධන මිල ඉහළ යාමෙන් පසු වාර්තාගත ලාභයක් ඉපයූ නවතම බලශක්ති සමාගම මෙම සමාගම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
162 Views
Comments