ඇමරිකාවේ තවත් බැංකුවක් කඩා වැටෙයි

අද දිනයේ සිදු වී ඇති දැවැන්ත කොටස් කඩාවැටීමකින් නිව්යෝර්ක් නගරයේ සිග්නේචර් බැංකුව වසා දැමෙන තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ එරට ආසන්න වකවානුව තුළ සිදු වූ තුන්වන බැංකු කඩාවැටීම වීම විශේෂත්වයකි.
එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික බැංකු ආයතනයක් වන සිග්නේචර් බැංකුව, ෆෙඩරල් රක්ෂණයට යටත් කර තිබී ඇති අතර තවද, ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු ආදී ව්‍යවහාර මුදල් හුවමාරු කටයුතු ඇතුළුව ඩිජිටල් වත්කම් සඳහා ප්‍රාථමික ණයදෙන්නෙකු වශයෙන් මෙම ආයතනය ක්‍රියාකර තිබේ.
එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය, ෆෙඩරල් සංචිතය සහ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව විසින් දැනට ගත හැකි හොඳම පියවර ලෙසින් සිග්නේචර් බැංකුව වසාදැමීමේ පුවත ඔවුන් විසින් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.
මීට දින කිහිපයකට ඉහතදී මේ ආකාරයෙන්ම ඇමරිකානු සිලිකන් වැලි බැංකුව ද වසාදමන ලද අතර මෙලෙස විටින් විට අසන්නට ලැබෙන බිඳවැටීම් එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදයක පෙරනිමිතිද යන්න පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෝ සැක පළ කරති.
212 Views
Comments