මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 10ක් මරුට

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටි.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ආයුධ සන්නද්ධ පිරිසක් තැබෑරුමට ඇතුළු වී එහි සේවකයන්ට සහ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට වෙඩි තැබීම සිදු කර තිබේ.
වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බව එරට මාධ්‍ය අනාවරණය කරයි.
210 Views
Comments