චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චීලී රාජ්‍යයේ තරපකා ප්‍රදේශයට රිච්ටර් මාපක 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව වාර්තා වේ.
භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 155 ක් (සැතපුම් 96.31) ගැඹුරින් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණීය භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටී.
චීලී රාජ්‍යයේ තරපකා සහ උතුරු ඇන්ටොෆගස්ටා ප්‍රදේශ වලට මෙන්ම, බොලීවියාවේ බටහිර සහ මධ්‍යම පොටෝසි ප්‍රදේශවලට සෙලවීමක් දැනී ඇති බව වාර්තා වන අතර, මෙම භූමිකම්පාව හේතුවෙන් සිදු වූ දේපල හානි හෝ ජීවිත හානි පිළිබඳ තවම වාර්තා වී නොමැත.
බලධාරීන් පවසන්නේ මෙම කම්පනය හේතුවෙන් සැලකිය යුතු හානියක් විය නොහැකි බවයි. විශේෂයෙන්ම දුරස්ථ ප්‍රදේශවල බලධාරීන්ට සම්පූර්ණ හානිය තක්සේරු කිරීමට පැය කිහිපයක් ගත විය හැකි අතර ඉදිරි දිනවල දී පසුකම්පන ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
203 Views
Comments