MAR
26
කැනේඩියානු මහ කොමසාරිස්වරයාට ඉන්දීය රජයෙන් කැඳවීමක්

ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් එරට කැනේඩියානු මහකොමසාරිස්වරයා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ ඉන්දීය දූත මණ්ඩලය සහ කොන්සල් කාර්යාල පරිශ්‍රය පිටත පසුගිය දින කිහිපයේදී ඇති වූ විරෝධතා හේතුවෙන් මතු වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය.
රාජ්‍ය තාන්ත්‍රික ආයතන පරිශ්‍රයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට සහ ඇති වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීමට කැනඩා රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
176 Views
Comments