කටාර් රාජ්‍යයේ හිටපු මුදල් ඇමති වංචා නඩුවක පැටලෙයි

කටාර් රාජ්‍යයේ හිටපු මුදල් අමාත්‍ය අල් ෂෙරීෆ් අල්-ඉමාඩි මීට වසර 2 කට පෙර වංචා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ නඩු විභාගයකට මුහුණ දීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊට සමාන අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තවත් කිහිප දෙනෙකු සමග ඔහුට නඩු විභාගයට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ. 2013 වසරේ සිට 2021 වසරේදී අත්අඩංගුවට ගන්නා තෙක්ම ඔහු එරට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
විත්තිකරුවන්ට පවරා ඇති අපරාධ චෝදනා ඔවුන් විසින් සිදු කර ඇති බවට නඩු ලේඛනවලින් උපුටා ගත් සාක්ෂි සනාථ කරන බැවින් අල්ලස් ගැනීම, මහජන මුදල් උපයා ගැනීම, නිලය අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළු ඔවුන්ට පවරා ඇති අපරාධ චෝදනා වලට දඬුවම් කිරීම සඳහා විත්තිකරුවන් අපරාධ අධිකරණයට යොමු කරන ලෙස නීතිපතිවරයා නියෝගයක් නිකුත් කළ බව කටාර්හි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (QNA) කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
254 Views
Comments