APR
02
උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ඇමරිකාව විමසිල්ලෙන්

උතුරු කොරියාව විසින් අවි ආයුධ නිෂ්පාදනය ඇතුළුව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දැඩි කොට ඇති බවට ඇමරිකාව සඳහන් කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ විධානයන්ට අනුව එහි ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය වන යොන්ග්බොයොන්ග්හි නව ඉදිකිරීම් රැසක් සිදු වන බවට චන්ද්‍රිකා දත්ත වාර්තා අනාවරණය කර ඇති බවද ඇමරිකාව විසින් පවසා ඇත.
තවද ඇමරිකාව විසින්, වොෂින්ටනය පදනම් කරගත් ව්‍යාපෘති 38 ක් මගින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
162 Views
Comments