ජගත් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය රුසියාවට - රටවල් රැසක් නොසතුටින්

මෙවර ජගත් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය රුසියාවට හිමිව ඇත. ඒ දෙවන වරට වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ද රුසියාවට මෙම අවස්ථාව ලැබිණි.
මෙම කවුන්සිලයට අයත් සාමාජික රටවල් 15 අතරින් එහි ස්ථිර සාමාජිකත්වය දරන රටකට සෑම මසකම එහි සභාපතිත්වය ප්‍රදානය කෙරේ.
එනමුත් රුසියාව විසින් සිදුකර ඇති යුක්‍රේන ආක්‍රමණය සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් රුසියාවට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා හේතුවෙන් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය එරටට ලබාදීම කෙරෙහි ඇමෙරිකාව, යුක්‍රේනය ඇතුළු රටවල් කිහිපයක් දැඩි විරෝධය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය හිමිවීමෙන් අනතුරුව රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කර ඇත්තේ තම රටට පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කරමින් තමන් සතු සියලුම අයිතීන් ක්‍රියාවට නංවන බවයි.
කෙසේ වෙතත් රුසියාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේ සෙසු රටවල් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද දැඩි විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍යය සඳහන් කර ඇත.
194 Views
Comments