ඉන්දියානු ජාතික රිචඩ් වර්මා ඇමරිකාවේ බලවත් තනතුරකට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ඉන්දියානු ජාතික රිචඩ් වර්මා ඇමරිකාවේ බලවත් තනතුරකට

ඉන්දියානු ජාතික රිචඩ් වර්මා ඇමරිකාවේ බලවත් තනතුරකට

ඇමරිකාවේ රාජ්‍ය කළමනාකරණ සහ සම්පත් නියෝජ්‍ය ලේකම් ධූරයට ඉන්දු - ඇමරිකානු සම්භවයක් සහිත රිචඩ් වර්මා එරට සෙනට් සභාව විසින් 67 - 26 ක ඡන්දයකින් පත් කරගෙන ඇත.

 

වර්මා මහතා ඉන්දියාවේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, මෙම නව තනතුරේදී ඔහු විදේශ ආධාර සහ සිවිල් ප්‍රතිචාර වැඩසටහන් වැනි රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් මෙහෙයවීම, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම සිදු කරනු ඇත.

 

54 හැවිරිදි ඒ මහතා ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික තනතුර සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී නම් කර තිබේ.

 

විවිධ ක්ෂේත්‍රයන්හි සිදු කළ සේවාවන් සඳහා සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකු වන වර්මා මහතා ජනාධිපතිවරයාගේ බුද්ධි උපදේශක මණ්ඩලයටද පත් කර ඇති බව වාර්තා වේ

views

189 Views

Comments

arrow-up