ඉරානයේ හිස නොවැසූ කාන්තාවන් අල්ලන්න කැමරා සවි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ඉරානයේ හිස නොවැසූ කාන්තාවන් අල්ලන්න කැමරා සවි කෙරේ

ඉරානයේ හිස නොවැසූ කාන්තාවන් අල්ලන්න කැමරා සවි කෙරේ

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

එලෙස හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන්ට මුලින් කෙටි පණිවිඩයක් මගින් අනතුරු ඇඟවීමක් සිදු කරන අතර, පසුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැඟවෙන සේ දිගු ලිහිල් ඇඳුම් ඇඳීම අනිවාර්ය කර තිබෙන අතර, මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන සදාචාර පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු කෙරේ.

 

ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කරන ලෙසට විරෝධය පාමින් රට පුරා උද්ඝෝෂණ පවත්වමින් සිටින වාතාවරණයක මෙම කැමරා සවි කිරීමට ඉරාන රජය පෙළඹී ඇත.

 

1979 සිට වරින් වර හිස් ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කරන ලෙසට ඉරානයේ විරෝධතා පැවැත්වී ඇත.

 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ හිස ආවරණය නොකල වරදට පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණියක් මිය යාමත් සමග මෙම විරෝධතා දැඩි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
 

views

200 Views

Comments

arrow-up