පකිස්තාන මුදල් ඇමතිගේ ඇමරිකන් සංචාරය අවලංගුයි

අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ්ගේ නියෝගයක් අනුව සිය ඇමරිකානු සංචාරය අවලංගු කරන ලද බව පකිස්ථාන මුදල් අමාත්‍ය ඉෂාක් දාර් කියා සිටී.
රට තුළ පවතින දේශපාලන අර්බුදය ඊට හේතු වූ බව කියා සිටින පකිස්ථාන මුදල් ඇමතිවරයා, ඔහුගේ එම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා ලෝක බැංකුවේ නිලධාරීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට නියමිත බවත්, පකිස්ථාන රජයේ නියෝජිතයින් පිරිසක් ඒ වෙනුවෙන් අමෙරිකාවේ රැඳී සිටින බවත් ප්‍රකාශ කොට සිටියේය.
172 Views
Comments