සුඩාන රාජ්‍යය සිවිල් යුද්ධයක් අබියස

සුඩාන හමුදාව සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් වර්ධනය වීමත් සමග මේ වනවිට විසිපස් දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එරට ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූලස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.
මියගිය පිරිස අතර එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් තිදෙනෙකු ද සිටින බව සඳහන් වන අතර, මෙම තත්ත්වය සමග සුඩානයේ ප්‍රදේශ රැසක ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වේ.
2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ කුමන්ත්‍රණයකින් පසුව එහි මේ වන විට හමුදා පාලනයක් පවතින අතර හමුදා නායක ජනරාල් ෆාම් අල් බුහුරාන්ට පක්ෂපාතී හමුදා සහ තවත් කණ්ඩායමක් අතර ගැටුම් ආරම්භ වී තිබේ.
නවතම විදෙස් වාර්තා සඳහන් කළේ ජනතාවට නිවෙස් වලට වී රැඳී සිටින ලෙස සුඩාන හමුදාව දැනුම් දී ඇති අතර තවදුරටත් ගැටුම් උත්සන්න වෙමින් පවතින බවයි.
174 Views
Comments