එක්සත් ජනපද පාපැදි ශූරයා රිය අනතුරකින් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

එක්සත් ජනපද පාපැදි ශූරයා රිය අනතුරකින් මරු දකී

එක්සත් ජනපද පාපැදි ශූරයා රිය අනතුරකින් මරු දකී

ලෝක වාර්තාවකට හිමිකම් කියන, 10 වතාවක් එක්සත් ජනපද පාපැදි ජාතික ශූරයා වූ ඊතන් බෝයිස් (44) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

ඒ සැන් ෆ්රැන්සිස්කෝහිදී පාපැදි පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනි.

 

 

ඔහු අවුරුදු 35 - 39 කාණ්ඩයේ 1000 m ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබයි.

 

 

අනතුරින් පසුව ඔහුව කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව ඔහු මිය ගොස් තිබේ.

 

 

මෝටර් රථයේ රියදුරාට සුළු තුවාල සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

views

224 Views

Comments

arrow-up