බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙක් තලේබාන් අත් අඩංගුවේ

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයින් විසින් බ්‍රිතාන්‍ය ජාතිකයන් තුන්දෙනෙකු රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔවුන්ගෙන් දෙදෙනෙකු පසුගිය ජනවාරි මාසයේ සිට රඳවාගෙන සිටින බවට විශ්වාස කරන අතර අනෙක් පුද්ගලයා කොපමණ කාලයක් තලේබානුවන් භාරයේ පසුවන්නේ ද යන්න මේ දක්වා නිශ්චිතව අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නැති බව සඳහන් වේ.
බ්‍රිතාන්‍ය කොන්සියුලර් සේවා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ පවුල්වල අයට අවශ්‍ය සහාය ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
257 Views
Comments