අසනීප වීම නිසා ලූලා ගේ චීන ගමන කල් දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

අසනීප වීම නිසා ලූලා ගේ චීන ගමන කල් දමයි

අසනීප වීම නිසා ලූලා ගේ චීන ගමන කල් දමයි

බ්‍රසීලයේ හිටපු ජනාධිපති, අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ කාලයේදී බ්‍රසීලය හා චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා පලුදු වී ගොස් තිබූ අතර, එය නැවතත් ප්‍රතිසංවිධානය කිරීමේ අපේක්ෂාවෙන් සූදානම් කොට තිබූ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ගේ චීන සංචාරය සහ ජනාධිපති ෂී ජින්පින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා දින නියමයකින් තොරව කල්දමා ඇති බව වාර්තා වේ.

 


බ්‍රසීලයේ විශාලතම වෙළෙඳ සහකරු වන චීනය වෙත, බ්‍රසීලයේ අමාත්‍යවරුන්, සෙනෙට් සභිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරිකයන් සිය ගණනකින් යුත් දූත පිරිසක් සමග දින හයක සංචාරයක් ලෙස සංවිධානය කර තිබූ මෙම ගමනේදී දෙරට අතර වෙළෙඳාම ශක්තිමත් කිරීම සහ යුක්‍රේනයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කර තිබිණි.
 

views

213 Views

Comments

arrow-up