මමි බවට පත් කළ ටොලමියානු යුගයට අයත් බැටළු හිස් 2000 ක් සොයාගැනේ

නිව්යෝර්ක්හි විශ්වවිද්‍යාලයක පුරාණ ලෝකය පිළිබඳ අධ්‍යයනයේ නිරත වන ආයතනයක් විසින් ටොලමියානු යුගයට අයත් මමීකෘත බැටළු හිස් 2000 ක් සහ ඉපැරණි මාලිගයකට අයත් ව්‍යුහයක් සොයා ගෙන ඇත.
අධ්‍යයනයේ නිරත වූ පර්යේෂකයන් පවසන අන්දමට එම සොයාගැනීම් අයත් වනුයේ දකුණු ඊජිප්තුවේ පුරාණ නගරයක් වන ඇබිඩෝස්හි දෙවන රැම්සෙස්‍ට අයත් පූජා භූමියකටය.
හමු වූ බැටළු හිස් දෙවන රැම්සෙස්ගේ මරණයෙන් වසර 1000 කට පසු ඔහු වෙනුවෙන් පැවැත්වූ දිව්‍ය පූජාවක අංග ලෙස සැලකිය හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසා ඇත.
මෙම සොයාගැනීම ක්‍රිස්තු පූර්ව 30 දී සිදු වූ රෝම ආක්‍රමණය තෙක් සියවස් තුනක් පමණ පැවති ටොලමියානු යුගය දක්වා වන පුරාවිද්‍යාත්මක දැනුම පුළුල් කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
182 Views
Comments